Thursday, March 29, 2018

කිවුලේ ගෙදර බණ්ඩාර දෙවියෝ

ඒ පියකරු සැන්දෑවකි. බැස යන හිරුගේ රැස් වැටීමෙන්  බටහිර ක්ෂිතිජය  කසාවත් පැහැ ගති.මේ ලෙස  කසාවත් වන  ක්ෂිතිජය වැසි නොලැබීමේ ,ලක්ෂණයක් යයි ද ,එය තඹ පාට විණි නම් වැසි නොලැබෙන බව දැක්වීමක් යයි ද විශ්වාස කෙරේ. පොසොන් මාසයෙහි , ලංකාවේ වියළි දේශගුණික  ප්‍රදේශ වලට වර්ෂාව නොලැබේ.ලංකා භුමිතලයට වර්ෂාවෙන් ලැබෙන ජලස්කන්දයෙන් වැඩි කොටසක්  මුහුදට ගෙන යාමේ භාග්‍ය ලබා ඇති මහා වාලුකා නදී තොමෝ සෙංකඩගල නගරය වටකොට ඉන් උතුරේදී නැගෙනහිරට හැරේ. එහිදී ඌව අසල මහා වංගුවටත් ,මහියංගන අලුත් නුවරටත් මැද පිහිටි මුස්ලිම් ජනයා පදිංචි ග්‍රාමවරයකි.

ඉහත් කි සැන්දෑ යාමයේදී පහරගම්මන ගම වටා පිහිතොඉ තිස් බඩයෙන් ඔබ්බෙහි ගල් තලාවක ,දඩයමට සිවුපාවකු එනතුරු නිශ්චලව සිටින දඩයම්කරුවකු සේ එක තරුණයෙක් නිශ්චලව බලා සිටියේය.තිස් බඩය නම් වියලි කලාපයේ පිහිටි ගම්වටකොට ,බඩ තිහක් ප්‍රමාණ පුළුලති එළිමහන් නිදහස් බිම් ප්‍රදේශයෙන් ඔහුගේ ගත නිසල වුවත් සිත චිත්තවලියෙන් චන්චල විය .මෙම තරුණයා ඉතා ශක්තිසම්පන්න කඩවසම්, හැඩි දැඩි පුරුෂයෙකි. දුටු දුටුවන් සිත් ඇදගන්නා, විශේෂයෙන් තරුණියන්ගේ සිත් ආකර්ෂණය කිරීමෙහිලා සමත් දෙන විලාසයක් ඔහුට තිබුණි.

මේ තරුණයා කිවුලේගෙදර මොහොට්ටලගේ පුත් කිවුලේ ගෙදර බණ්ඩාර විය.කිවුලේ ගෙදර ගම පිහිටියේ ගඟේ මහා වංගුව අසල , ගඟේ දකුණු ඉවුරේය.මෙය ඉතා පුරාන කාලයේ දියුණුව පැවති නගරයක් බවට අසල ප්‍රදේශයේ විසිර පවත්නා නටඹුන් සාක්ෂි දරයි.මෙහි තිබුණු විහාරස්ථානයක සතුරු උපද්‍රව කාලයකදී දළදා වහන්සේ ආරක්ෂිතව තැන්පත් කර තිබුණු බව විශ්වාස කෙරේ.  මහවැලි ගඟේ මහා ජලස්කන්දය අඩි10ක් හෝ 15ක් පමණ පළලඇති  රන්ටැඹේ ගල ,කිවුලේ ගෙදරටත්  ඌ මා ඔයේ මෝදරටත් අතර පිහිටියේය .

ඌ මා ඔය මහවැලි ගඟේ විශාල ශාඛා වලින් එකකි .

1817 -18 මේ සිද්ධ වූ වෙල්ලස්සේ කැරැල්ලේදී බින්තැන්න වියලුව ප්‍රදේශයේ ජාතිවත්සල්‍යයෙන් ඔදවැඩි ජනයා සමග ඉංග්‍රීසින්ට විරුද්ධව සටන මෙහෙයවූ කිවුලේ ගෙදර මොහොට්ටලගේ මුණුපුරෙකි.ඔහුගේ පුත් කිවුලේගෙදර බණ්ඩාර මේ බලා සිටින්නේ ඔහු හා ආලයෙන් වෙලී සිටින පාතුම්මා නමැති මුස්ලිම් තරුණිය පැමිණෙන තුරුය .පතුම්මා එගම මුස්ලිම් දෙටුවාගේ වැඩිමහල් දියණියයි.කිවුලේ ගෙදර බණ්ඩාර   අලුත් නුවරට යන එන අතර පතුම්මා දැකීමෙන් මේ සම්බන්ධය ඇති විය.ක්‍රම ක්‍රමයෙන් මුහුකුරා ගිය ආලයෙන් යුතු මේ යුවල සන්ධ්‍යා කාලයෙහි ,ඉහත කි ගල් තලාවේදී හමුවී ආදර බස් දෙඩීමෙන් ආලයේ ප්‍රතිපල භුක්ති විඳීමට පුරුදුව සිටියෝය.ඉහත කි වේලාවෙහිද .ඒ මුස්ලිම් තරුණිය එහි පැමිණ බොහෝ වෙලාවකින් ප්‍රේම සාකච්චාවෙන් පසු වී ගෙදරට ගියාය.

මෙසේ හොර රහසේ කෙරෙන ප්‍රේම සම්බන්ධයෙන් තෘප්තියට නොපත්,බණ්ඩාර තරුණය නිත්‍යානුකුලව ආවහා කර ගැනීමේ බලාපොරොත්තුව දිනක් ඇගේ දෙමවුපියන්ට තමන්ගේ අදහස දැන්විය.ඒ දෙදෙනා අනිකුත් මුස්ලිම් ජනයා හා සාකච්චා කොට ,පසුව තීරණය දන්වන බව කීහ.කිවුලේ ගෙදර බණ්ඩාර ,තරහා කර ගැනීම මුළු පහරගම්මන ගමටම විනාශකාරී කරුණක් බව තරුණියගේ පියාට වැටහිණි.එමෙන්ම බෞද්ධාගම්කාර සිංහලයකුට දුව පාවා දුනහොත් මුළු මුස්ලිම් සංහතියම තමාට විරුද්ධ වන බව ඔහු දැන සිටියේය.ඒ නිසා දෙගොඩ දෙවොරම් සිතින් රාත්‍රිය ගත කල ඔහුට අළුයම් වෙලෙහී ඒ ගැන කළයුතු උපක්‍රමයක් සිහිවිය.පසු දින මුස්ලිම් දෙටුවාගේ අදහස් දැනගැනීමට බණ්ඩාර තරුණයා ගියේය.
මුස්ලිම් දෙටුවා ඔහුට "පණ්ඩාර මාතියෝ අපිලගේ පැසි තියෙන ගොයම් එක දවසකින් කපා දෙන්න ඔහෙට පුළුවන් නම් දුව ඔහෙට දෙන්ට අපි සුදානම් කීය. බණ්ඩාර තරුණයා " හොඳයි හෙට දවසේ කපා දෙන්නං කිය. පොරොන්දුවේ ප්‍රකාර උදේ වැඩ ආරම්භ කොට , හිරු අස්තන්ගතවිමට දෙපැයක් තිබියදී ගොයම් කපා අවසන් කළේය. ඔහු එතරම් කායබලය ඇති යෝධ පුරුෂයෙකි.

ඉකිබිති මුස්ලිම් දෙටුවාට කළහැකි දෙයක් නොවුයෙන් අකමත්තෙන්ම දියණිය බණ්ඩාර තරුණයාට පාවා දුන්නේය. තරුණයා ඒ මුස්ලිම් නිවසේ නතරවිය. රාත්‍රී ආහාරයෙන් පසු ඔහුට කලාන්ත ගතියක් ඇති වී ලේ වමනය කරන්නට පටන් ගති, ඔහුට වෙදෙකු ගෙන්වා බේත් දෙන්ට යයි කිස තරුණිය දෙමවුපියන්ගෙන් සහ සහෝදරයින්ගෙන්ද ඉල්ලා සිටියාය.

ඔවුහු ඒ ගැන කිසිම තැකීමක් නොකළෝය.
මරණාසන්නයට පත් තරුණයා, තරුණියට කතා කොට පතුම්මා නුඹේ දෙමවුපියන් මට වස දී තිබේ.මම ඔවුන්ගෙන් ඒ පලිය ගන්නෙමි යයි පවසා අවසන් හුස්ම හෙළිය.
ශෝකයෙන් වේලි ගිය තරුණිය අඩා වැලපෙන්නට පටන් ගත්තාය.පිය සහ සොයුරන් ඇයට තර්ජනය කොට මල සිරුර පැදුරක ඔතා ඒ රාත්‍රියේම ගෙන ගොස් මහවැලි ගඟට දැම්මෝය.අපහු ගෙදර ගොස් ගේ දොර ශුද්ධ කොට නිදා ගත්හ. පතුම්මා තර්ජනයෙන් පසු කාමරයට වැදුණාය.පසු දින කිසිත් නොදන්නවුන් මෙන් නින්දෙන් නැගිට ගොවිපලට යාමට සුදානම් වුහ. දියණියගේ කාමරයේ දොරෙඅ ඇර බැලුවිට එය හිස්විය.

එක සොයුරෙක් ගඟ ලඟට ගොස් බැලු විට තරුණිය පැළඳි අභරණ ගන් ඉවුරේ  තබා ඇති බව දුටුවෝය.තරුනියද අළුයම් කාලයේම මගේ ආදරවන්තයා ඔබත් සමග මම එමියි ගඟට පැන්නාය. ගඟ පහලට ගලා ගිය සිරුරු කිඹුලන්ගේ ආහාරයට පත්විය.

මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය දැන සිටි අය ඔවුන් වෙනත් පෙදෙසකට පැන ගොස් ඇතැයි සිතුහ.මුස්ලිම් දෙටුවා සහ පුතුන්ද එලෙසින්ම එය දන ගැනීමට ඉඩ හැරියහ.ඉන් ගත වුයේ ස්වල්ප දිනකි.ඒ ගම්වැසියන්ගේ සියලුම ගවයෝ සතියක් ඇතුලත භයානක රෝගයකින් මරණයට පත්වුහ.ඊළඟට සියලුම ළදරුවන්ට එකවර නපුරු රෝගයක් වැලඳුනේය.ඉන්පසු ගම්වැසියෝ කපුවකු ගෙන්වා මායම් කරවා මේ ගැන විචාලෝය.
මායම් වූ කපුවා පැවසුවේ මරණයට පත්  කිවුලේ ගෙදර තරුණයා යක්ෂයකු වී පතුම්මා යක්ෂනියක වී ඉපිද ඇති අතර ඔවුන්ට කල විපත හේතු කොටගෙන මුළු ගම්මානයම විනාශ කිරීමට බලාපොරොත්තු වන බවයි.

භයට පත් ගම් වැසියෝ වැඳ වැටි  සමාව ඉල්ලා එතන කලයුතු වත් පිළිවෙත් හා බාරහාර පිළිබඳව විමසුවෝය.අවුරුදු පතා දළුමුර කෙම්බරක් පවත්වා ඔවුන්ගේ ආරක්ෂා දෙවියකු වශයෙන් සලකා පුද සත්කාර කරන්නට පොරොන්දු වන්නේ නම් ගමට ආරක්ෂාව සලසන බවත් නැතිනම් මුළු ගමම විනාශ කරන බවත්, දේවවේශ වූ කපුවා ප්‍රකශ කළේය.ඉන්පසුව ඔවුහු ඊට පොරොන්දු වී පසු දිනම ඉතා අලංකාර ලෙස දළු මුර කෙම්මුරයක් පවත්වා පුද සත්කාර කලෝය.ඉන්පසු ළදරුවන්ට ඇති වූ රෝගා බාධ සංසිඳුණු අතර අවුරුදු පතා සිරිත් පරිදි කිවුල්ගෙදර බණ්ඩාර දෙවියන් නමින් පතල වූ මොවුන්ට බුලත් කෙම්මුර නමැති කංකාරිය පවත්තනෙලු.

මග දිගට ජනකතා ඇසුරෙන්.
                                                                                    

8 comments:

  1. අපූරු සටහනක්. වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. හොදයි...අපූරුයි.. මට නිකන් සමහර වචන තේරෙනව මදි වගේ...

    ReplyDelete
    Replies
    1. කොයි වචනද බෝලේ අයියේ

      Delete
  3. අම්මටහුඩු මම දැනුයි දැක්කේ "ඔබේ දිය බිදක් එක් කරන්න " චුට්ටක් හිටින් නගා

    චුරු ..චුරු.. චුරු... චුරු... චුරු... චුරු.. චුරු......චුරුස් ....චුස්.. චුස්.......

    හම්මේ ඔන්න එක් කොලා

    ReplyDelete
    Replies
    1. අලි.ස්තුතියි අලෙ. මේ දිය පොද වචනේ එකතු කලේ අපේ ප්‍රියා. එයාගේ අදහස් තමා බ්ලොග් එක ලස්සන වෙන්න හේතු වුනේ. ඔයාගේ දිය පොදට මාව තෙමිලා හෙම්බිරිස්සවත් හැදිලා ඔන්න

      Delete
  4. මග දිගට ජන කතා පොතේ නියම කතා ටිකක් තියනවා.පොත් දෙකම තියනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් අඟහරු අයියේ.පොත් දෙකම තියෙනවා

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........