Saturday, April 7, 2018

නිමිත්ත : මියැදුණු පෙම්වතා වෙනුවෙන් සෝ සුසුම් හෙලන තරුණිය


විසල් වුන කදුලැලි
නෙත් කොණින් ගලද්දී
පෙම් බදිමි සෙනෙහසින්
මියැදුණු අතීතයට
පුරමි පැතුමන් බෝසතුන් සේ
එක් වෙන්න
ඔබ සිටින ලොවට විත්


බලා ඉමි නෙතු කඳුලින් තේමා
අතීතය සිහි කර බැති සිතින්
මතක වස්ත්‍ර පුජා කර
සෙනෙහසට මතක පැන් ඉසිමින
මතක ඔස්සේ අතීතයට පිය නගා
පින් කරමි නුඹේ නමට සෙනෙහසින්
හිමි නොවනු පිණිස  මිලින වූ දිවියක්
අකාලික ව පරවූ මල් කැකුළු විලසින,

13 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_35.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් අයියේ. දැන් දැනුයි මම දැක්කේ අයියගේ පත්තරේට ගත්තු මගේ නිර්මාණය.බෙහෙවින්ම ස්තුතියි

      Delete
  2. එක් කාලෙක මගේ මිතුරියක් මෙවන් සිද්ධියකට මුහුණ පෑවා. මේකෙන් ඒක මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මගේ අත්දැකීමක් ජිවිතේ ලබපු අයියේ.

      Delete
  3. හොඳ නිර්මාණයක් ක්ෂේම භූමී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියණ්ඩි ! ජය වේවා !

      Delete
  4. අලුත් පෝස්ට් එක පබ්ලිෂ් වෙලා නෑ මම හිතන්නේ..
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ !

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........