Thursday, April 26, 2018

මඩුවන්වෙල වලව්ව


ඇඹිලිපිටියේ පිහිටි මහා කළු සිංහලයා නොහොත් වීරසේකර මුදියන්සේගේ වලවුව මඩුවන්වෙල වලවුව නමින් හැඳින්වුනි.මෙය ඇඹිලිපිටියේ සිට සුරියකන්ද මාර්ගයේ කිලෝමීටර් 24 කැ දුරින් මෙය පිහිටා ඇති අතර 1878 දී නිර්මිත මෙම වලවුව වසර140 ක් පමණ පැරණිය.
මෙම වලවුව අක්කර 20ක පමණ විසල් භූමියක් සතු වී ඇති අතර, විසල් ප්‍රමාණයේ විවිධ වර්ගයේ ශාක එකතුවකින් පිරි භුමි භාගයකි.මෙම වලවුව වටා ඉතා ශක්තිමත් පවුරු 3ක් ඉදි කර ඇති අතර පිටත පවුර ශක්තිමත් වීමට කළු ගල් යොදා ඇති අතර එ ගල් උළුවස්ස ලෙස හැඳින්වේ.දොරටුව දෙපසද තොරණක ආකාරයෙන් මනරම් ලියවැලක් ද මකර තොරණක ආකාරයෙන් ගල් අරුක්කුවක්ද දැකිය හැක.

ඔටුනු නොපලන් රජකු වීලසින් ප්‍රදේශයම පාලනය කිරීමට , තම ආධිපත්‍ය පතුරවාලීමට මොහු සතු ධනය් බල පරාක්‍රමය ඉවහල් වූ බව බොහෝ දෙනා පවසන දෙයකි. මඩුවන් වෙලා වලවුව පිළිබඳව වෛද්‍ය ශාන්ත දුනුකාර ලියූ ‘මඩුවන්වෙලට පියමං’ පර්යේෂණාත්මක කෘතියේ  ඇති කවියකින් මෙම වලවුවේ තිබු තේජස පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැක.

පාරට දොරටුව ගල් කණු කප්පා මල්වලිනුත් හැඩ කරනා 
වෙහෙරට රන්කොත සේ කලස් පිට මොණරුන් දිළිසෙමිනා 
මෙරට පවතින ගල් උළුවස්සට කිව්වා සිව්පද සන්තොසිනා 

මෙයින් හැඳින්වෙන්නේ රජ මාලිගාවක් බඳුවූ මෙම මහා මැදුරේ පිටතින් ඇති ගල් පවුර පිළිබඳවයි. එදවස  මෙම ගල් දොරටුවෙන් කිසිවෙකුටත් ඇතුළු වීමට තහනම් වී ඇති අතර මෙම දොරටුව සුද්දන් පැමිණීමේදී හිස නවා පැමිණිය යුතු ආකාරයට සදා ඇති බව පවතින මතයකි.මෙය මුදලිගේ උසට සදා ඇති අතර ඇතුළු පවුර පහන් පවුර නම් වේ.එහි අලංකාර පහන් කුරු රාශියකින් සමන්විත ව තිබේ.


වලවුවට ඇතුළු වන විටා මොසැයික් ආට් ක්‍රමයට නිර්මාණය කල එනම් විදේශීය කලාත්මක බැවින් යුතු පිගන් කැබලි අල්ලා තනන ලද පිරිත් මණ්ඩපය  දකින්නට ලැබේ.එහි වාසනාව ගෙන ඒමට ඇත් අස් රු ආදියද කැටයම් කොට ඇති බව පතල පුවතකි.මැද මිදුල වටාද බ්‍රිතාන්‍ය මහා රැජිනගේ රුව ගත පිගන් කැබලි බිමට අල්ලා තිබීම සුවිසේෂි කරුණයි.මේ මගින් සුද්දන්ට එතුමාගේ තිබු විරෝධිතාව පෙන්නුම් කරන ලද්දක් බවද 
කියැවේ.


වලව්වේ වතුර මලක් සහිත ජාල තටාකයක් ගොඩ නගා ඇති අතර ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ විට හමුවන මහා බංගලාව නම් කොටසේ  කණාමැදිරි සහ සියඹලා ගස් වල අරටුවෙන් නිර්මාණය කරන ලද ත්‍රිමාණශීලි බවකින් යුතු මෙතුමාගේ ජීවමාන ස්වරුපයේ රුවක් ගොඩ නගා ඇත.බොරදම් සහ මනරම් ලියවැල් ද මෙම ජයාරුපයේ ඇතුලත් වීම සුවිසේෂි කරුණකි.

මොහුගේ විනෝදය පිණිස තනනු ලැබූ දික්ගෙයි නැටුම්කාමරයද සුවිශේෂි අංගයකි.ඒ අසලින්ම සුදු ජාතිකයින් හා බිලියඩ් ක්‍රීඩා කිරීමට සෑදු බිලියඩ් කාමරයද පිහිටා ඇත.

ඒ අසල පිහිටි පුංචි බංගලාව ශාලාවේ ලන්දේසි කොටුවකට පහර දී එයින් ගෙන ආ දොර උළුවහු සවිකොට ඇති අතර මෙය රැස්වීම් ශාලාවක් ලෙස භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක. වලවුවේ වහලයට යොදා ඇත්තේ නුවර යුගයේ පෙති උළුය.මෙහි කාමර 121 සහ මැද මිදුල් 21 ක් තිබු බව පැවසේ. අතීත කලාකරුවාගේ නිර්මාණශීලි බව සහ වාස්තු විද්‍යාත්මක හැකියාවන් මනාව ඔප්නංවන කරුණක් වන්නේ මැද මිදුල් වලට සහ වලවූ වත්තට එකතු වන සියලුම ජලය මඩුවන්වෙල වැවට එකතු වන ලෙස සැකසු ජලවාහන පද්ධතියයි.

වලව්වක්  ලෙස මෙය ගොඩ නැගෙන්නේ රාජ මුද්‍රාව සහිත තඹ උළු කැටයක් රජුගෙන් ලැබීමත් සමග බව පවසයි. ඒ 1700 වසරේදීය.1619  වසරේදී රචිත සබරගමු ලේඛම් මිටිය මෙම වලවුව පිලිබඳ ඇති පැරණිතම සාක්ෂි සමුහයයි.

නිසි වයසට පැමිණි පසු එතුමා කුරුවිට එක්නැලිගොඩ කුමාරි හාමි හා විවාපත් වූ අතර ඔවුන්ට ලැබුණු දියණිය අබාධිත වූ අතර ඇය ප්‍රසිද්ධ වුයේ කොර මැණිකේ යන අන්වර්ථ නාමයෙනි.
පසුකාලීනව මෙම වලවුව මෙතුමාගේ සොයුරකුගේ දරුවකු වූ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාට හිමිවිය.



මඩුවන්වෙලට පියමං කෘතියට අනුව මඩුවන්වෙල වලවුව නිර්මිත වී ඇත්තේ විජයබා කොල්ලය ඇතිවූ සමයේදීය.1952 දී පනාමුරය නින්දගම මෙතුමාට හිමි වන අතර 1760 වසරේදී රජකු නොමැතිව මුදලිවරුන් පමණක් සටන් කොට දිනු සිංහල  වංශයේ අවසාන  සටන වූ කටුවන සටනින් ලද ජයග්‍රහණය හේතු කොටගෙන මෙතුමාට වලකඩ නින්දගම ප්‍රදානය කරන ලදී.


විවිධ මුලාශ්‍ර ආශ්‍රයෙන් සකසන ලද අතර ජයාරූප අන්තර්ජාලයෙන් උකහා ගන්නා ලදී.

10 comments:

  1. හොඳ ලිපියක්.. //1878 දී නිර්මිත මෙම වලවුව වසර 184ක් පමණ පැරණිය// ගණන් කරා හරිද? :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගණනය කිරීමේදී අවුලක් වෙලා

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මඩුවන්වෙල මම කිහිප සැරයක් ගිහින් තියෙනවා. ඒත් මේ පුද්ගලයා ගැන මට තිබෙන්නේ අකැමැත්තක්.අහිංසක මිනිස්සු තලා පෙලා ජීවත් වූ මනුස්සයෙක්

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි අයියේ.ජය වේවා !

      Delete
  5. දවසක් ලෙක්චර් එකකදි කිව්වා, (මට ලෙක්චරර් මතක නෑ) මේ වළව්වෙ දැං අයිතිකාරයා ආචාර්ය සිරාන් දැරණියගල කියල. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොළමුරේ ගෙන් එයාගෙ දුවට අයිති වුණු වළව්ව, ඒ දුව කසාද බැඳපු පී. ඊ. පී. දැරණියගලට අයිති වුනා. දැන් අයිති ඒ දෙන්නගෙ පුතා වෙන ආචාර්ය සිරාන් දැරණියගලට... කියල

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් දන්නේ නැහැ අයියේ.මන් හොයලා බලන්නම් තව :)

      Delete
  6. අගනා ලිපියක් . මමත් කාලෙකට ඉස්සර මෙතැනට ගිහින් තියෙනවා . මේ ලිපියේ විශේෂත්වයක් ලෙස මා දකින්නේ අනෙක් අය නොදකින බොහෝ දුර්ලභ දේ මතු කර තිබීමයි . ඔබේ ගමනට ජය .

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........