Tuesday, July 10, 2018

රත්නපුර රමණිය පෙත්තරේ කළු ගල් ජලාශය සොයා ගියෙමි

රත්නපුර නගරය ආසන්නයේ පිහිටි , රත්නපුර පානදුර මහා මාර්ගයට මායිම්ව ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාලය පිහිටා ඇත.මෙම දේවාලයේ ඉතිහාසය 4 වන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය සමය දක්වා දිව යන අතර නිල් මැණික් සොයා රුවන් පුරයට පැමිණි  කාමදේව නමැති ඇමති විසින් නිල් මැණික් ලබා දෙන ලෙස  භාරයක් වී ඇත.ඔහු විසින් බාරයෙන්  පසුව මැණික් ගැරීම ආරම්භ කර ඇති අතර එම පත්ලෙන් නිල් මැණික් හමුවී ,පසුව  රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඔහු විසින් පැරණි සමන් දේවාලය  තෙමහල් මන්දිරයක් සහිතව ඉදි  කරන ලදී.මේ පිළිබඳව ඓතිහාසික පුවත සමන් සිරිත නම් කාව්‍ය  සංග්‍රහයේ ඇතුලත් වී ඇත.

                                                   


පැරැන්නන්ගේ මතය අනුව ප්‍රධාන දේව මැදුර ඉඳි කර ඇත්තේ පිරිසිඳු කරන ලද ගම් මැටි කිතුල් පැණි යොදා පල්පයක් ලෙස සකසා ගැනීමෙනි.මෙය දේවාලයේ දිගුකාලින පැවැත්මට හේතු වී ඇත.

සමන් දේවාලයේ පිටුපසින් වක්කලමක් සාදමින් කළු ගඟ ගලා බසින අතර අනික් පසින් පොත්ගුල් කන්ද පිහිටා ඇත.පොත්ගුල් රජමහා විහාරය වළගම්බා රජු සැඟවී සිටි ස්ථානයක් වන අතර , භූගත ලෙනක් සහිත මෙම විහාරය පැරණි ලෙන් විහාරයකි.

සමන් දේවල භුමියේ දෙවොලට ආසන්නයේ පැරණි ගැඹුරු ලිඳක් පිහිටා ඇති අතර ,මෙම ලිඳට මලක් දැමු විට පොත්ගුල් විහාර භුමියේ ඇති ලිඳෙන් මතුවන බවට පුරාවෘතයක්  පවතී. මේ අනුව සමන් දේවාලය  වළගම්බා රජ සමයටද සම්බන්ධ වන්නට ඇත.පෘතුග්‍රීසි සමයේදී සමන් දේවල භුමිය පෘතුග්‍රීසි බලකොටුවක් වූ අතර මේ පිලිබඳ ඇති  සෙල් ලිපි අද පවා දක්නට ලැබේ.

පැරණි ගල් උළුවස්ස


පැලවෙන ගල් පැලය



අතීතයේ සිටම පැවැත්වූ සමන් දේවාලයේ ඇසල පෙරහැරෙහි මුතුකුඩය ගෙන යන්නාගේ සිට සඳුන් කුඩු දල්වන අඟුරු කබල ගෙන යන්නා දක්වා රාජකාරියෙහි නියුතු පවුල් රාශියක් දේවාලය අවට ගම් වල පදිංචි වී ඇත. පෙත්තරේ යනු මින් සුවිශේෂී ගම්මානයකි.රෙදි පිලි සේදීම රැකියාව කර ගත් මෙම ගම් වාසින් ජලය ලබා ගන්නේ කළු ගලින් නිම වුන විශාල ගල් බේසමිකිනි.මෙය සොබාදමේ අපුර්වතම නිර්මාණයකි.


දෙකෙළවර සිහින්ව මැදින් තරමක් පළල් ව ගල් ඔරුවක් මෙන් නිර්මාණය වී ඇති මෙම කළුගල් බේසම එක් කෙළවරකින් ගල් කුළු  සහිත තරමක් උස කන්දකට සම්බන්ධ වේ. ගල් කුළු දෙකක් මැදින් ගලා හැලෙන දිය පාරක් බේසමට ජලය සපයන අතර අනික් කෙළවරින් ජලය පිටවී යයි. ගල් බේසමේ ගැටිය මත රෙදි තබා සබන් ගා පිරිසිදු කර ගත හැකි පරිදි සමතලාව පිහිටා ඇත. රාජක පවුල් රාශියක් මෙම ස්ථානයේ රෙදි සේදිමෙහි යෙදෙති.


වසර 10 කට පමණ පෙර මා, මෙම ජලාශය දකින විට මිනිසාගේ කිසිඳු සහභාගිත්වයකින් තොරව පැවති සුන්දරත්වය ගල් වල අද්දරින් පාරක් දැමීම නිසා තරමක් අඩු වී ඇත.ගල් වලේ පළල පටු වී ඇති අතර කඩතොළු සහිත ස්වභාවිකත්වය පාර සහිත කොටසින් ඉවත් වී ඇත.මෙම පාර නිම කර ඇත්තේ අසල පිහිටි නිවාස වලට යාමටය.



6 comments:

  1. ඔතනින් (සමන් දේවාලේ ගාවින්) ඉස්සර බදුලු යද්දී නිතර ගියත් කවදාවත් නතර කරලා බලලා නෑ.. සමහරු නම් අනිවාර්යයෙන් නතර කරනවා පඬුරු දාන්න.. (මම නතර නොකලේ ඒ නිසාමයි.) පොත් ගුල් විහාරය නම් බලා කියා ගන්න ආසාවක් තියෙනවා. අර ගල් බේසමේ ඒ හැටි ලකයක් පේන්නේ නැත්තේ මට පේන්නේ ඒ මිනිස්සුම ඒ තැන විනාස කරගෙන වගේ.. දැන්නම් රෙදි හෝදන්න තරම් පිරිසිදු කමකුත් නා වගේ එතන නේද? :)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඉස්සර තිබුන ස්වභාවික සුන්දරත්වය නැහැ පි හැබැයි දැනටත් දිය පාරෙන් ගල් බේසම පිරිලා ඉතිරිලා යනවා අයියේ.මිනිස්සු ඉන්න කිහිප දෙනා සුද්ධ පවිත්‍ර කරගෙන යනවා

      ඉස්සර ඔතනට යන්න තිබුනේ අයිනෙන් අඩි පාරක්. දැන් පස් ගොඩ කරලා පොලව මට්ටම් කරලා කොන්ක්‍රීට් පාරක් හදලා.බේසමේ පැත්තක ස්වභාවය නැති වෙලා.සමන් දේවාලේ ගාවින් යද්දී බෝහෝ දෙනෙක් පඬුරු දාලා යන්නේ :) දවසක පොත්ගුලට යන්න.හරිම ලස්සනයි එතන.

      Delete
  2. ලිපියත් එක්ක රත්තපුරේ ගිහිල්ලා ආවා වගේ දැනුනා.. රත්නපුරේ ගැන මගෙ youtube channel එකේ වැඩසටහනක් කරන්නම කියල ලොකු ආසාවක් තියෙනවා, අවිස්සාවෙල්ලෙන් එහා ඔයාලෑ පැත්ත අතීත රහස් ගොඩාක් හැංගිච්ච ලස්සන පැත්තක් නගේ.. ආ ඒක නෙමේ නගේ ෆේස්බුක් රික්වෙස්ටුවක් දාන්නකො, ඔයා වගේ ලියන්නියක් / කවිකාරියක් මගෙ ලැයිස්තුවෙ ඉන්නම එපායැ.. https://www.facebook.com/sandeepajayasingheannouncer

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ.ඇත්තටම දවසක එන්න බලන්න.මන් දැන් රික්වෙස්ට් එකක් දාන්නම් ඔයාට.

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........