Saturday, July 14, 2018

පිළිකා රෝගය ඇතුළු රෝග රැසකට සුවය සාදන තෙබු


 Costasspesiosus යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන තෙබු ශාකය , අග්නි දිග ආසියාව නිජ බිම කර ගත්  , රෝග ගණනකවටම ගුණ දෙන ආයුර්වේදීය ශාකයක් මෙන්ම ආහාරයකි. ඉන්දුනීසියාවේ සුන්ඩා දුපතේ බහුලව ව්‍යාප්තියක් දක්නට ලැබෙන මෙම ශාකය කුක්, ෆිජි, හවායි වැනි ෆැසිෆික් දුපත් වලද ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශ වලද දක්නට හැකිය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.එමෙන්ම රුධිරගත කොලොස්ටරෝල් පාලනය කරන සමේ ඇති වන බිබිලි සුව කරන ප්‍රධාහය සහ බඩේ ආම්ලික ගතිය ( ගැස්ට්‍රයිටිස් ) , ලාදුරු , උණ බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වසනාල ප්‍රධාහය සුව කරන බඩවැල් වල පනුවන් නසන, හදවත් රෝග සඳහා  අගනා ඖෂධයකි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ගැමි ජනතාව තෙබු කොළ විවිධාකාරයේ අහාර වශයෙන් සකසා පාරිබෝජනයට ගෙන ඇත .නොමේරු තෙබු කොළ රසවත් මැල්ලුමක් වන අතර , කලවම් මැල්ලුම් , සලාද , හෝ ව්‍යන්ජනයක් වශයෙන් පිළියෙළ කර ගත හැක. අල හෝ පරිප්පු මිශ්‍ර කිරීමෙන් , තෙබු ව්‍යංජනය වඩාත් රසවත් වේ. නමුත් දිනපතා ආහාරයට ගැනීම සුදුසු නැත.මන්ද රුධිරයේ සිනි මට්ටම අඩු කරන නිසාය.

2012 වර්ෂයේදී වෛද්‍ය කල්ප සමරකෝන් , චමින්ද ලක්මාල් , ප්‍රසාද් ජයසුරිය තෙබු ශාකය පිළිබඳව පර්යේෂණ පවත්වා ගුණ රාශියක් අනාවරණය කර ඇත.

මෙහි ඇති වැදගත්ම සොයා ගැනීම පිළිකා නසන ගුණයක් , තෙබු ශාකයෙහි අඩංගු බවයි . තෙබු ශාකයෙහි ඇති පිළිකා මර්ධන ගුණ පිළිබඳව දකුණු කොරියාවේ Jeju ජාතික සරසවියේ ජීව වෛද්‍ය විද්‍යාඥයෙකු වූ  මහාචාර්ය  You-Jiujoon  ( Professor You- Juijoon of Jeju National University of South Korea) කළ පරීක්ෂණ අනුව  පිළිකා සෛල මර්ධනය කිරීමේ ශක්තිය තහවුරු වී ඇත.මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදු වෙමින් පැවති.

නාගරික වෙළඳ පලට ගෙන එන තෙබු කොළ සීග්‍රයෙන් විකිණෙන්නේ නාගරික ජනතාව මෙහි ඇති ගුණය වඩාත් අවබෝධ කරගෙන ඇති නිසාය. අප ආවට පරිසරයේ ඇති ගස් වැල් වලින් නිසි ප්‍රයෝජන ගෙන  ලෙඩ රෝග වලින් තොර සමාජයක් බිහි කිරීමට මෙම ලිපිය උපකාරී වේවා .

අන්තර්ජාලය සහ ඩේලි නිව්ස් - විද්‍යා  (2016/05/25 )අතිරේකය ඇසුරෙනි.

8 comments:

  1. තෙබු කොල දැකලා තිබුනට මලක් දැක්කේ අදයි. වටිනා ලිපියක්.

    ReplyDelete
  2. මං දියවැඩිය කාරයා.. දවසක් දෙකක් කාල තිබ්බට ඒ හැටි උනන්දුවක් තිබ්බේ නෑ මේ ගැන.. ආයේ උනන්දු වෙන්ට හිතුවා. ස්තුතියි! :)

    ReplyDelete
  3. මෙදා පාර ලංකාවට ආපු වෙලෙ නගාලගෙ ගම පළාත කිට්ටුව කුරුවිට පැත්තේ කරක් ගැහුවා කියල කිව්වනෙ, එහේදි බොහොම රහ තෙබු හීනියට ලියල පොල් එක්ක හදාපු සම්බෝලයකුයි මීවන දළු ව්‍යාන්ජනේකුයි කන්න ලැබුණ. බුරිය උල් වෙනකං දෙසාබෑව :-D

    ReplyDelete
    Replies
    1. හි නියමයිනේ අයියේ. ආපහු අවොත් කියන්න .:)

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........