Sunday, September 2, 2018

සුළගේ ලෙල දුන් ඉටි පහන් සීල



එක්තරා යුගයක බ්‍රිතාන්‍ය එළිය කළ රෝස කුසුම ඇය විය. සුලගේ සැළුණු ඉටි පහන් සීල ඇය විය.ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් නැරඹු මංගල උත්සවය ඇයගේ විවහා මංගල්‍යය වූ අතර අවමංගල උත්සවයද ඇයගේ අවසන් ගමන විය.ඒ දැනට විසි එක් වසරකට පෙර මෙලොවින් සමුගත්  ඩයනා ස්පෙන්සර් කුමරිය පිලිබඳ කතාවයි.

1961 ජුලි 1 වෙනිදා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රභූ පවුලක උපත ලත් ඇය පසුව එංගලන්තයේ ,වේල්සයේ කුමරු වන චාල්ස් හා විවහා විය.විවහා දිවියේ සහ ආදරයේ කුරිරු හැලහැප්පීම් වලට ගොදුරු වූ ඩයනා කුමරිය මානසික රෝගී තත්වයන්ට පවා මුහුණ පෑවාය .

 සමාජ සේවිකාවක් මෙන්ම යුද්ධයට මැදි වූ රටවල බිම් බෝම්බ ඉවත් කිරීමේ උදාර මෙහෙවරට උර දුන් උදාර කාන්තාවක් වුවාය.මේ නිසාම ඇය මහා ජනතාවගේ කුමරිය ලෙස හැඳින්වුවාය.අප්‍රිකානු , ලතින් ඇමරිකානු රටවල අනාත නිවාස වලට ගොස් එම දරුවන්ට ආධාර කිරීමට යොමු වූ ඇය, බහුල වශයෙන් බිම්බෝම්බ වල දමා තිබු ඇන්ගෝලාව , බොස්නියාව , ඇෆ්ගනිස්ථානය වැනි රට වලට ගොස් බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන හා එක්ව කටයුතු කලාය.



1997 වසරේදී නෝබෙල් සාම ත්‍යාගය  දිනා ගත්  ( Mines Advisory Group) එහි ප්‍රධාන සංවිධානයයි.එමෙන්ම ඩයනා කුමරිය ජෝර්දානයේ රැජිණ වූ නූර් කුමරිය සහ ප්‍රංශයේ Soccer ක්‍රීඩා තරුව වූ David Jinola සමග එක්ව බිම්බෝම්බ වලින් අබාධිත වූ අයට ආධාර කිරීමේ රතු කුරුස සංවිධානය හා මුල් වී කටයුතු කලාය.

ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය තුළත් , ඉන් පිටටත් ඒඩ්ස් නිවාරණය සඳහා රෝගීන්ගේ සුබ සාධනය , පිළිකා රෝහල් වල සුබ සාධක කටයුතු ,ලාදුරු රෝග නිවාරණය වැනි සෞඛ්‍ය සේවා කටයුතු රාශියකට  ක්‍රියාකාරීව දායක වුවාය.සමාජයට වඩාත් සමීප වූ නිසාම , සමහර අවස්ථාවන් වලදී ඇය රජ පවුලේ දෝෂ දර්ශනයට පවා ලක්විය.

දෙදරු මවක් වන ඇය සියළු හැලහැප්පීම් මධ්‍යයේ පොදු ජන සමාජය වෙත පිය නඟමින් ඉටු කළ මෙහෙවර
රජ පවුලේ  කිසිදු කාන්තාවක් ගමන් නොකළ මාර්ගයකි. ඩයනා කුමරියට පැපරාසීන්ගෙන් බොහෝ කරදර සිදු විය.ප්‍රංශයේදී රිය අනතුරට ලක් වන අවස්ථාවේදී පවා ඇයගේ පුද්ගලික තොරතුරු  ජයාරූප ගත කිරීමට ඔවුහු ඇය හඹා ගියහ.

1997 /08/31 වැනි දා ඩයනා කුමරිය  සිය පෙම්වතා සමග මෝටර් රථයකින් ගමන් කරද්දී ප්‍රංශයේ බිම් ගෙයක් තුළ අනතුරකට ලක්වී මිය ගියාය.මෙම සිදුවීම එකල මහත් ආන්දෝලනයට ලක්වූ රිය අනතුරක් විය.

 ඇයගේ සමිපමතම මිතුරකු වූ සුප්‍රසිද්ධ ගායක Elton Jones අවමංගල්‍ය උළලේදී ගායනා කළ  "The Candle In the Wind" ගීතය  ඇයගේ ජිවිත කතාවේ එක්තරා අතිතාවලෝකනයක් විය.

සුරීපි මානව හිතවාදී ඩයනා කුමරිය මෙලොවින් වෙන්ව ගියත් ඇය කළ සේවාවේ සුවඳ බොහෝ කලක් මෙලොව පවතිනු ඇත.


Candle in the Wind

"Candle In The Wind 1997"

Goodbye England's Rose 
May you ever grow in our hearts
You were the grace that placed itself 
Where lives were torn apart 
You called out to our country 
And you whispered to those in pain 
Now you belong to heaven 
And the stars spell out your name

[Chorus:]
And it seems to me you lived your life 
Like a candle in the wind 
Never fading with the sunset 
When the rain set in 
And your footsteps will always fall here 
Along England's greenest hills 
Your candle's burned out long before 
Your legend ever will

Loveliness we've lost
These empty days without your smile 
This torch will always carry
For our nation's golden child
And even though we try
The truth brings us to tears
All our words cannot express
The joy you've brought us through the years 

[Chorus]

Goodbye England's Rose 
May you ever grow in our hearts
You were the grace that placed itself 
Where lives were torn apart 
Goodbye England's Rose 
From a country lost without your soul
Who'll miss the wings of your compassion
More than you'll ever know

[Chorus]

And your footsteps will always fall here 
Along England's greenest hills 
Your candle's burned out long before 
Your legend ever will

4 comments:

  1. ඩයනා මැරෙන්න දවස් දෙක තුනකට කලින් Navy Cadets ලා විදියට හිටපු අපිට Senior Officer කෙනෙක් Lecture එකක් දුන්න නාවික නිලධාරියෙක් සතු විය යුතු Attributes ගැන.. ඒ කාලේ පිරිමියෙක්ගේ decent කම මනින හොඳම මිම්මක්ලු (එංගලන්තේ වෙන්නැති) රාජ කුමරියක් සමඟ ආහාර ගැනීම (Dining with a princess) කියන්නේ කියල. ඒ වගේම training එක හොඳටම කරලා එංගලන්තේ Britannia Royal Naval Collage of Dartmouth වලින් හම්බවෙන Scholarship එක දිනා ගත්තොත් ඒ අවස්ථාව අපිටත් ලැබෙන්න පුළුවන් බව.. ඒක අහල දවස් දෙක තුනකින් ඩයනා මැරුණා කියල ආරංචි උනාම පුදුම Shock එකක් ආවේ..

    ReplyDelete
    Replies
    1. චුටන් බට්ටිත්තා දන් ගෙඩියක් දැක්කා.......

      Delete
    2. ස්තුතියි අයියේ මේ අදහස් දැක්වීමට . ඇත්තටම ආදරණිය චරිතයක් ඇය

      Delete
  2. නිලුක්ෂි ඔබේ රචනය හරිම සමබරයි . හොද ගලා යෑමක් .

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........